ආබාධිත මගීන්ට දුම්රියේදී විශ්ෂ සේවාවක් – 15 වැනිදා සිට ක්‍රියාත්මකයි

A person assists an elderly individual in a wheelchair on a train platform

දුම්රියෙන් ගමන් ගන්නා ආබාධිත පුද්ගලයන්ට විශේෂ ආධාර ලබාදීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නව ක්‍රමවේදයක් පිළිබඳව නිවේදනය කර ඇත.

මෙම වැඩසටහන යටතේ දුම්රිය කාර්ය මණ්ඩලය ආබාධිත මගීන්ට දුම්රියට ගොඩවන විට සහ බැස යනවිට සහාය වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි.

ආධාර ලබාගැනීම සඳහා මගීන් 1971 ක්ෂණික දුරකථන අංකයට කතාකිරීමෙන් දුම්රිය බලධාරීන්ට කල්තියා දැනුම්දිය යුතු වේ.

නව සහාය පද්ධතිය මෙම මස 15 වැනිදා සිට නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.