
පෙනෙනා ඇසින් අප ගැන
නන්විධ පැහැයෙන් යුත් වර්ණාවලියකින් ලෝකය සමන්විත වුව ද එම වර්ණ ග්‍රහණය කර ගැනීමට නොහැකි පිරිසකි,
දෘශ්‍යාබාධිත තැනැත්තන්. එසේ වුවද ශබ්දය පදනම් කරගත් ස්වර වර්ණාවලියක් හැදින රසවත් වන ඔවුන් ගැයුමේදි හා වැයුමේදි ප්‍රකට කළ කුසලතාවය අපූරු ය. එ බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත
උපාධිධාරී මණ්ඩලය නිකුත් කළ “විකසිත සිත් ගී “ සමුච්චය නිර්මාණය කිරිමට දායක විමේදි මම දුටුවෙමි, හඳුනාගත්තෙමි.
මොවුන්ගේ හැකියාවන් හා කුසලතාවය සමාජගත කිරීම සඳහාත්, ඊට අවකාශ පුළුල් කර ගැනිම සඳහාත් මෙම සංවිධානය දරන වෑයම
ප්‍රශංසනීයයි. ඒ සඳහා සමාජයක් ලෙස සහයෝගය , අනුග්‍රහය සහ අනුබලය ලැබේ නම් මහත් සතුටට හේතුවකි.
නවරත්න ගමගේ
ඔවුන් ලෝකය දකින්නේ අප මෙන් නොවේ. කඩදාසියක් මත ලියවෙන අකුරු කියවන්නට නොහැකි වුවද ඔවුහුද අප මෙන් පොත් පත් කියවති.
ලෝකය දකිති. ඔවුන්ගේ ලෝකයට ආලෝකයක් ගෙන දීමට තරම් අද තාක්ෂණය දියුණු විම වාසනාවකි. මිතුරනි , මිතුරියනි , අපරිමිත දිරියෙන් යුතුව ලෝකය කියවන්නට ඔබ දරන වෑයමට සුභ පතමි.
කත්යානා අමරසිංහ
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලය දශක තුනකටත් වැඩි කාලයක සිට තම සහෘද ප්‍රජාව වෙනුවෙන් ඉටු කරනු ලබන සේවය ප්‍රශංසනීය වේ.
දෘශ්‍යාබාධිත වු උපාධිධාරීන්ගේ ජන ජිවිතය ඒකාලෝක කිරීමට ඉමහත් ප්‍රයත්නයක් දරන මෙම සංවිධානයටත් එහි සහෘද නිල මඩුල්ලටත් නිවුණු, හැදුණු , සොඳුරු මිනිසුන්ගෙන් පිරි පින්බර දේශයක් ගොඩනැගීමට
අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය නොවඩුව ලැබේවායි හදවතින්ම සුභපතිමි.
අනුශා ගෝකුල ප්‍රනාන්දු
සුදු සැරයටියට බොහෝ දුර පෙනෙයි. දෘශ්‍යාබාධිත උපාධිධාරීයාට එය ප්‍රමාණවත් නොවෙයි. මන්ද යත් දෘශ්‍යාබාධිත
උපාධිධාරියා වෑයම් කරන්නේ භෞතිකවාදීව දුර දැකීමට වඩා දුරක් ගවේශනශිලිව දැකීමට ය. ජිවිතය හා සමාජය විනිවිද දැකීමට ය. එයට නන්විධ උපකාර අවශ්‍ය වේ. දෘශ්‍යාබාධිත උපාධිධාරියා
පෙළන - හෙළන පීඩාවට පත්කරන ලෝක විෂයන් පිළිබදව අප්‍රමාණ ගවේශණයක නියැලීමට බුද්ධි අරගලයක් කළ යුතුය. එ උදෙසා සාහිත්‍ය රස වින්දනය - දේශන - භාෂණ වැඩමුළු පමණක් ප්‍රමාණවත් නොවේ.
විවිධ විෂයයික කරුණු නව සංවාද බුද්ධි කලම්භන විචාර අවශ්‍ය වේ. මේ උදෙසා උපාධිධාරි දෘශ්‍යාබාධිතයා පෙළ ගස්වන සාමාජීය ව්‍යපාරයක අවශ්‍යතාවය පවතින රජයෙන් හෝ සුභ සාධන සේවා මගින් හෝ ඉටු නොවේ.
කොටින්ම දෘශ්‍යාබාධිත උපාධිධාරියාට කිසිදු සමාජ වටිනාකමක් - හිමිකමක් හෝ සවිබලගැන්වීමක් නොමැත.
ජනශ්‍රුතවේදී - මහින්ද කුමාර දළුපොතු
අප ජීවත්වන්නේ මනුෂ්‍යයින් විසින් නිර්මාණය කරන ලද ලෝකයකයි. මේ ලෝකය නිර්මාණය කර ඇත්තේ තමන් නිරාබාධිත යැයි සිතා සිටින මනුෂ්‍යයින් විසිනි.
ඒ නිසා ඒ ලෝකය තුළ ඒ නිරාබාධිත යැයි සිතන මිනිසුන්ට වඩා වෙනස් ශාරීරික හා මානසික ලක්ෂණ ඇති මනුෂ්‍යයින් සාමාන ආකාරයෙන් ජීවත් වීමට අපහසුය. ඒ ඔවුන් ආබාධිත නිසා නොව
ලෝකය නිමවා ඇත්තේ ඔවුන් සඳහා සහ ඔවුන් විසින් නොවන නිසාය. පියෑඹීමට හැකි පක්ෂීන් විසින් අප ජීවත් වන ලෝකය නිර්මාණය කළා නම් ඒ ලෝකය තුළ සියලු මිනිසුන් ආබාධිතයින් වනු ඇත.
ඒ කිසිම මිනිසෙකුට පියෑඹිය නොහැකි නිසාය. ඒ නිසා ආබාධිත බව යන්න ස්වභාවධර්මය මගින් දෙන ලද දෙයක් නොව සංස්කෘතිය මගින් නිර්මාණය කරන ලද දෙයකි.
ඒ නිසා ආබාධිත බව ජයගත හැක්කේද
විකල්ප සංස්කෘතියක් මගිනි.එම විකල්ප සංස්කෘතියක් ගොඩනැගීම සදහා ආබාධිත තැනැත්තන්ගේ තීරණාත්මක මැදිහත් වීම සහ සහභාගීත්වය අත්‍යවශ්‍යය . ඊට ඔවුන් සංවිධානාත්මකව ගොනු විය යුතුය.
එවැනි සංවිධානයක් ලෙස ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලය හදුනා ගත හැකිය. ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට මගේ සුභ පැතුම්.
නිර්මාල් රංජිත් දේවසිරි
දෘශ්‍යාබාධිත භාවය හේතුකොට ගෙන ප්‍රමුක ඉන්ද්‍රියක හැකියාව අහෝසි වීම පොදු පිළිගැනීමයි. ශේෂ වු ඉන්ද්‍රියයන්ගේ භෞතික ලෝකය යම්තාක් දුරකට වටහා ගැනීමට
හැකි වුවද, නිවුණ නෙත් පහන් මිනිස් සන්තානයේ අභ්‍යන්තරයේ නව අග්නි දැල්ලක් අවුළුවයි.
එය විටෙක භෞතික නොහැකියාව හේතුකොට ගෙන ශෝකාකූල හා කෝපය මුසු වු ස්වයං ච්ත්තාවේශයක් ඇති කිරිමට හේතු
වනවා මෙන්ම, ඊට ප්‍රතිවිරුද්ධ දයිලීක්තකයක් ලෙසට මහා ශක්තියක් හෙවත් අවුරාවක් (aura) අති කරණු ලබයි. එකී දාර්ශනික ප්‍රහර්ෂය මිනිස් විඤ්ඤානය ප්‍රපංචනයක් බවට පත්වෙයි.
එය අස්පර්ශනීය (intangible වෙයි). ස්පර්ශය , ගන්ධය , රසය මනෝභාවයන් , තාර්කික බව හා දැනුම වර්ධනය කරගැනීමට ඇති ඉඩකඩ අසංඛය අකාලිකය. එයට ප්‍රවිෂ්ඨ විමට නම් කියවීම
හා විදසුන කරන බලපෑම ඉමහත්ය.
දෘශ්‍යාබාධිත උපාධිධාරින්ගේ සංගමය පිළිබව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ කාරුණික භාවය හේතුකොට දැනගන්නට
නොලැබුනේ නම්, මට සිදුවන මානසික ආතතිය සියදිවි හානිකර ගැනීමක් දක්වාම ගමන් කරන්නට වු අවකාශය බොහෝය. ඔවුන්ගේ මහත් කැපවිම යටතේ සිදු කෙරෙන ඩේසි තාක්ෂණය විසින්
නිමැවුණ ශ්‍රව්‍ය ආධාරැති පුස්ථක කියවිම මගේ ජිවිතයට හා නිර්මාණකරණයට මහත් අහ්ලාදයක් ගෙන දුනි. වෙසෙසින්ම සුගත් වසන්තද සිල්වා හා අශෝක වීරවර්ධන යන සොහොයුයන්ගේ
කැපවීම හා මාර්ගෝපදේශනය හේතු කොට ගෙන නව දැනුම හා අපුර්ව ලොවක් සිමිත තත්වයන් යටතේ වුවද මා අභිමුව විවර වී ඇත. පසුගිය වසර එකහමාර තුල විවිධ වු විශයන් යටතේ මා කියවු
ශ්‍රව්‍ය ආධාරැති ග්‍රන්තක ප්‍රමාණය 125 ඉක්මවයි. විවිධ වු ආර්ථිකමය හා භෞතිකමය ගැටළු අතුරතුර වුවද අදෘශ්‍ය ඔබ එමගින් ප්‍රඥඥාවේ. අග්නිය කරා ගෙන යයි. එබැවින් මගේ ප්‍රශංසාව
ඔවුන්ගේ අමිල වු සමාජ මෙහෙවරට පුද කරමි.
උපුල් සේනාධිරිගේ
රටේ අනාගතය වන දරු දැරියන්ගේ අනාගතය උදෙසා ඔවුන්ගේ වර්ථමානය සවිමත් කිරිම අධ්‍යාපනය සතු වගකිමකි. සැමට අධ්‍යාපනය යන සංකල්පය
සාක්ෂාත් කරමින් වර්ථමාන ලෝක ප්‍රවනතාවය වන විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ද සාමාන්‍ය අධ්‍යාපනයට එක්කරලිමේ අන්තර්කරණ අධ්‍යාපනයට මුළුමනින්ම ප්‍රවිශ්ඨ කරලීම
සදහා අවශ්‍ය සියලු පහසුකම් සලසා දීම විශේෂ අධ්‍යාපන අංශයේ ප්‍රමුඛතම කාර්යය ලෙස සලකම්.
සියලු දෙනාටම සමාන ලෝකයක් නිර්මාණය කිරිමේ අදහසින් අරගල කරන අපගේ අවසාන බලාපොරොත්තුවට අත්වැලක් වන මෙම වෙබ් අඩවිය
තුලින් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත වුවන්ට රටක් දින ලොව දිනිමට හැකි වේ යැයි විශ්වාස කරමි.
දෑසින් ලොව නොදැක්කත් , ලෝකයේ ගැඹුර දකිමින් , ලෝකයේ අරුත් ස්පර්ශ කල පිරිසක් වන ඔබ වෙනුවෙන් විශේෂ අධ්‍යාපන විශය ක්ශේත්‍රයේ
වෘර්තිකයකු ලෙස සුභාශිංශන පිරිනැමීමට ලැබීම මා ලැබු භාග්‍යකි. ඔබට සුභ පතිමි.
ඩි.එම්.එච්. දිසානායක