increase font sizeDecrease font sizeDefault font size
Sri Lanka Council of Visually Handicapped Graduates logo

Sri Lanka Council of Visually Handicapped Graduates

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලය

Let us light the lamp of wisdom to overcome the darkness of eyes

දෑසේ අඳුරට නැණ පහන් දල්වමු

Sri Lanka Council of Visually Handicapped Graduates logo
Sri Lanka Council of Visually Handicapped Graduates members are represent in this picture.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලයේ නිලධාරි මණ්ඩලය වන අප

ශ්‍රි ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලය මෙරට වෙසෙන දෘශ්‍යාබාධිත උපාධිධාරින්ගේද උපාධි අපේක්ෂකයන්ගේද ශ්‍රි ලංකාවේ ඇති එකම සංවිධාන යි. 694 /1 ඩී ගාලු පාර , ඉඩම, මොරටුව යන ලිපිනයේ මෙම ආයතනය පිහිටා ඇත .

1983 දී මෙම මණ්ඩලය කොළඔ චිත්තප්පලම් ඒ ගාඩ්නර් මාවතේ ලිපිකරු සේවා සම්ගම් ගොඩනැගිල්ලේ කුඩා කාමරයක ආරම්භ කෙරුණු අතර මෙහි පළමු යුගය 80 දශකය අගවන තෙක් පැවතිණ. නව පිරිසකගේ මැදිහත් වීමෙන් 1993 දී යලිත් මෙම මණ්ඩලය පුනර්ජීවනය ලැබු අතර, 2008 වසරේදී දෙමහල් ගොඩනැගිල්ලේ අප මණ්ඩලය ස්ථාපිත විය.

දැනට අප මණ්ඩලය 300ක පමණ උපාධිධාරින් පිරිසකගෙන් ද, 100ක පමණ උපාධි අපේක්ෂකයන් පිරිසකගෙන්ද සමන්විත ය.

අරුමුණු

  • දෘශ්‍යාබාධිත උපාධි අපේක්ෂකයන්ගේ සුභ සාධනය උදෙසා ක්‍රියා කිරීම.
  • දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ රැකියා විරහිතභාවයට විසදුම් සැපයීමට ක්‍රීයා කිරීම.

වාර්ෂිකව සංවිධානය කෙරෙන කොඩි ව්‍යාපෘතියේ පාසල්වල කොඩි අලෙවියෙන් ලැබෙන ආදායම් ශිෂ්‍ය සුභ සාධනය සදහා යොදා ගැනේ. 1983 පසු දෘශ්‍යාබාධිත උපාධිධාරීනට ගුරු පත්වීම් ලබා ගැනීමට ප්‍රධාන වශයෙන් ම මැදිහත් වීම් කල ආයතනය අප මණ්ඩලය යි.

2003 වසරේදී සමාජ සංවර්ධන නිලධාරීන් බඳවා ගැනිම සම්බන්ධයෙන් ද අප මණ්ඩලය ක්‍රියාකාරී දායකත්වයක් ලබා දුනි . මෙහිලා අධ්‍යාපන අමාත්‍යයංශය සහ පළාත් සහා සමග සාකච්ජා කිරිම, දෘශ්‍යාබාධිතයනට පහසුවන කැබිනට් තීරණ ලබා ගැනීමට ක්‍රියා කිරීම, එම තීරණ පිළිබදව නිරතුරුවම අදාළ අංශ දැනුවත් කිරීම අප මණ්ඩලය ගත් ක්‍රියාමාර්ගයන්ගෙන් කිහිපයකි.

2000 දෙසැම්බර් මස 2 දින කොටුව දුම්රියපළ ඉදිරිපිට දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය විසදිමට බල කිරීමට සංවිධානය කෙරුණු උද්ගෝෂණය සදහන් කල යුතුය. එය මෙවැනි ආයතනයක් සිදු කල පළමුවන උද්ගෝෂණයවන අතර ඒ තුලින් අපගේ ප්‍රශ්ණ මහජනයා හමුවට ගෙන යාමට හැකි විය.

අප මණ්ඩලය පසුකර වැදගත් සංදිස්ථානයක් නම්

2010 දෙසැම්බර් 3 වන දා යෙදෙන ජාත්‍යන්තර ආබාධිත දිනය මුල් කරගෙන " විකසිත සිත් " නමින් දෘශ්‍යාබාධිතයන්ගේ පළමුවන සංගීත තැටිය නිකුත් කලේ අප මණ්ඩලයයි. මේ සදහා රාජකීය නෝර්වේජියානු තානාපති කාර්යාලයේ අනුග්‍රහය ලැබුණි. මෙම තැටියේ සියලුම නිර්මාණ දෘශ්‍යාබාධිතයන්ගේ වන අතර ඒ සදහා ගීත වැඩමුළුවක් පවත්වා ඉන්පසු ලබා ගත් ගීත 16 ක් තෝරා ගනු ලැබුණි.