
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලයේ නිළධාරි මණ්ඩලය
ශ්‍රි ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලය මෙරට වෙසෙන දෘශ්‍යාබාධිත උපාධිධාරින්ගේද උපාධි අපේක්ෂකයන්ගේද ශ්‍රි ලංකාවේ ඇති එකම සංවිධානයි. 694 /1 ඩී ගාලු පාර , ඉඩම, මොරටුව යන ලිපිනයේ මෙම ආයතනය පිහිටා ඇත .
අරුමුණු
- දෘශ්‍යාබාධිත උපාධි අපේක්ෂකයන්ගේ සුභ සාධනය උදෙසා ක්‍රියා කිරීම.
- දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවයට විසදුම් සැපයීමට ක්‍රීයා කිරීම.
වාර්ෂිකව සංවිධානය කෙරෙන කොඩ් ව්‍යාපෘතියේ පාසල් වල කොඩි අලෙවියෙන් ලැබෙන ආදායම් ශිෂ්‍ය සුභ සාධනය සදහා යොදා ගැනේ.
1983 පසු දෘශ්‍යාබාධිත උපාධිධාරීනට ගුරු පත්වීම් ලබා ගැනීමට ප්‍රධාන වශයෙන්ම මැදිහත් වීම් කල ආයතනය අප මණ්ඩලයයි.
පෙනෙනා ඇසින් අප ගැන
නන්විධ පැහැයෙන් යුත් වර්ණාවලියකින් ලෝකය සමන්විත වුව ද එම වර්ණ ග්‍රහණය කර ගැනීමට නොහැකි පිරිසකි,
දෘශ්‍යාබාධිත තැනැත්තන්. එසේ වුවද ශබ්දය පදනම් කරගත් ස්වර වර්ණාවලියක් හැදින රසවත් වන ඔවුන් ගැයුමේදි හා වැයුමේදි ප්‍රකට කළ කුසලතාවය අපූරු ය. එ බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත
උපාධිධාරී මණ්ඩලය නිකුත් කළ “විකසිත සිත් ගී “ සමුච්චය නිර්මාණය කිරිමට දායක විමේදි මම දුටුවෙමි, හඳුනාගත්තෙමි.
මොවුන්ගේ හැකියාවන් හා කුසලතාවය සමාජගත කිරීම සඳහාත්, ඊට අවකාශ පුළුල් කර ගැනිම සඳහාත් මෙම සංවිධානය දරන වෑයම
ප්‍රශංසනීයයි. ඒ සඳහා සමාජයක් ලෙස සහයෝගය , අනුග්‍රහය සහ අනුබලය ලැබේ නම් මහත් සතුටට හේතුවකි.
නවරත්න ගමගේ
ඔවුන් ලෝකය දකින්නේ අප මෙන් නොවේ. කඩදාසියක් මත ලියවෙන අකුරු කියවන්නට නොහැකි වුවද ඔවුහුද අප මෙන් පොත් පත් කියවති. ලෝකය දකිති. ඔවුන්ගේ ලෝකයට ආලෝකයක් ගෙන දීමට
තරම් අද තාක්ෂණය දියුණූ විම වාසනාවකි. මිතුරනි , මිතුරියනි , අපරිමිත දිරියෙන් යුතුව ලෝකය කියවන්නට ඔබ දරන වෑයමට සුභ පතමි.
කත්යානා අමරසිංහ